
Welcome Picture - DesiComments.com.
තරු රටා.
තාරකාවක් යනු, බොහෝ දුරට හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සෑදූ විශාල ආකාශ වස්තූන් වේ..
තාරකා වල න්‍යෂ්ටික ව්‍යාජ මගින ් ආලෝකය හා තාපය පිට කරයි. පෘථිවියට ආසන්නයෙන් පිහිටි සූර්යයා ද තාරකාවකි..
රාත්‍රී අහස වඩාත් හොදින් නිරීක්ෂණයේ දී, විවිධ හැඩැති තරු රටා සමූහයක් නිරීක්ෂණය කළ හැකි වේ. ඒ අතරින් කිහිපයක් පහත පරිදි වේ..
සිංහ තරු රටාව.
රාත්‍රී අහසේ මෙතෙක් දක්නට ලැබුණු තාරකා රටාවන්ගෙන් පැරණිතම තාරකා මණ්ඩලය වන අතර අවුරුදු 6000 කට පැරණි ශිෂ්ටාචාර වල විසූ අය මෙම තාරකා රටාව සිංහයෙක් යැයි විශ්වාස කරන ලදී . මෙම තාරකා රටාව දොළොස් ග්‍රහ චක්‍රයේ එක් රාශියක් ලෙස සැලකේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ ..
ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. දක්ෂිණ අර්ධ ගෝලයේ මෙම තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ උඩු යටිකුරු ලෙසටයි. දීප්තිමත්ම තාරකාව වන්නේ Regulus නම් තාරකාවයි . මෙහි මතුපිට උෂ්ණත්වය සූර්යයා මෙන් දෙගුණයකටත් වඩා වැඩිවේ..
මහා වලසා තරු රටාව.
චීනයේ ලොකු බොකුටු හැන්ද ලෙසද , මධ්‍යම ආසියාවේ අශ්වයා ලෙසින්ද , ඉන්දියාවේ නගුල ලෙසින්ද , රුසියාවේදී මහවලසා ලෙසින්ද , හදුන්වනු ලබන්නේ මෙම එකම තාරකා රාශියකි. මෙම තාරකා රාශිය උතුරු අහසේ ප්‍රධාන තරු 4 කින් යුත් කොටුවකින් සහ තරු 3 කින් යුත් වක් රේඛාවකින් සමන්විතය. එක් එක් ජාතිකයන් විවධ නම් වලින් එකම තරු රටාව හඳුන්වා ඇතත් ඔවුන්ගේ ඒ නම් හා බැදුණු පුරාවෘතයන් වෙනස්ය..
ඔරායන් තරු රටාව.
පුරා වෘත්තවල සිටින දඩයක්කරුවෙකුගේ ස්වරූපය මෙමඟින් මැනවින් නිරූපනය කරයි. මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් ද සමන්විත වේ. මීට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී. ඔරායන්ගේ බඳ පටිය ලෙස හඳුන්වන එක දිගට ඇති තාරකා ත්‍රිත්වය මෙහි විශේෂත්වයක් උසුලයි..
හද්දින්නත් තරු රටාව.
වඩාත්ම දීප්තිමත් එමෙන්ම වඩාත්ම ප්‍රකට තරු පොකුර ප්ලෙයාඩේස්ය. (හත්දින්නතරු ලෙස ද එය වඩාත් ප්‍රකටය ) එය පියවි ඇසට පහසුවෙන් හඳුනාගත හැක්කේ අඩු තරමින් තාරකා 6 කින් සමන්විත ළංව පිහිටි කණ්ඩායමක් හැටියටයි. ඒ අනුව හත්දින්න තරු රටාවේ තරු 7 පියවි ඇසින් ගණන් අසීරුය. ඒ නිසම දෝ මේ තරු 7 ගණන් අසුභ යයිද මතයක් ඇත. එම තරු පොකුරේ දීප්තිමත්ම තාරකා නම් කර ඇත්තේ ග්‍රීක ජන පුරාණයේ සොයුරියන් හත්දෙනා සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ නම්වලිනි..
Summary Video.
THE END….