A picture containing food, different, tray, container Description automatically generated.
ගිලීමේ අපහසුතාව සඳහා බලපාන හේතූන්. ව්‍යුහාත්මක හේතූන් ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම් පිළිකා තත්ත්ව ( මුඛ හනුක පිළිකා , ගලනාලයේ පිළිකා ) අංශභාගය තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුම ස්නායු රෝග ගලනාලයේ අසාමාන්‍ය සිහින් වීම (strictures & webs) මොළයේ පිළිකා ආසාදන දියවැඩියාව.
ගිලීමේ අපහසුතාව ශ්‍රේණිගත කිරීම වගුව 1: සයීඩ් සහ වෙනත් අය විසින් නිර්වචනය කරන ලද වර්ගීකරණය මත පදනම් වූ ගිලීමේ අපහසුතා ශ්‍රේණිය . 21.
International Dysphagia Diet Standardization Initiative (IDDSI) යනු කුමක්ද ?.
Chart, diagram, funnel chart Description automatically generated.
බිංදුව මට්ටම - තුනී දියර. විස්තරය වයසට සහ සංවර්ධන කුසලතාවන්ට සුදුසු පරිදි කෝප්පයක් හෝ බීම බටයක් හරහා පානය කළ හැක . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම සියලු වර්ගවල ද්‍රව ආරක්ෂිතව කළමනාකරණය කිරීමේ ක්‍රියාකාරී හැකියාව . IDDSI පරීක්‍ෂණ ක්‍රමය තත්පර 10ක ප්‍රවාහයෙන් පසු 10 mL සිරින්ජයේ ඉතිරිව ඇති ද්‍රව ප්‍රමාණය 1 mL ට වඩා අඩුය උදා : තේ , කෝපි , පොල් වතුර , දෙහි , ලෙමන් සහ තැඹිලි යුෂ.
Diagram Description automatically generated.
A picture containing text, device, gauge Description automatically generated.
පළමු මට්ටම - තරමක් ඝන දියර. වි ස්තරය ජලයට වඩා ඝනකම්ය , තුනී දියරවලට වඩා බීමට ටිකක් වැඩි උත්සාහයක් අවශ්‍ය වේ , බීම බටයක් , සිරින්ජයක් , හරහා ගලා යයි , බොහෝ වාණිජමය වශයෙන් පවතින 'Anti-regurgitation' (AR) ළදරු කිරිපිටි වල ඝනකමට සමාන වේ . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම ආරක්ෂිත ලෙස පාලනය කළ නො නොහැකි තරම් වේගයෙන් ගලාගෙන යන තුනී බීම මෙම ගණයට අයත් වේ. මෙම තරමක් ඝන ද්‍රවයන් මන්දගාමී වේගයක්කින් ගලා යන අතර ආරක්ෂිත ලෙස පාලනය කළ හැකිය.
IDDSI පරීක්ෂණ ක්‍රම - පරීක්‍ෂණ දියර මිලි ලීටර් 10 ක සිරින්ජයක් හරහා ගලා යාමේදී තත්පර 10 කට පසුව සිරින්ජය තුළ මිලි ලීටර් 1-4 ක් ඉතිරි වේ . උදාහරණය : කිරි.
දෙවන මට්ටම - මද ඝන දියර. විස්තරය - හැන්දකින් ඉවතට ගලා යයි , පානය කළ හැකියි , හැන්දකින් ඉක්මනින් වත් කළ හැකියි , නමුත් තුනී බීම වලට වඩා සෙමෙන් ගලා යයි , මෙම ඝනකම සම්මත ප්‍රමාණයේ බීම බටයක් හරහා පානය කිරීමට මද උත්සාහයක් අවශ්‍ය වේ ( සම්මත ප්‍රමාණයේ බීම බටයක් = අඟල් 0.209 හෝ 5.3 මි.මී . විෂ්කම්භය ) මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම : තුනී බීම වර්ග ආරක්ෂිතව පාලනය කිරීමට නොහැකි තරම් වේගයෙන් ගලා යන්නේ නම් , මෙම මද ඝන ද්‍රව තරමක් මන්දගාමී වේගයකින් ගලා යයි , දිව පාලනය තරමක් අපහසූ රෝගීන් සඳහා සුදුසු වේ..
IDDSI ප්‍රවාහ පරීක්ෂණය. පරීක්ෂණ දියර මිලි ලීටර් 10 ක සිරින්ජයක් හරහා ගලා යයි , තත්පර 10 කට පසු මිලි ලීටර් 4 සිට 8 දක්වා සිරින්ජය තුළ ඉතිරි වේ . උදාහරණ : පෙරන ලද සුප්.
තෙවන මට්ටම - මධ්‍යස්ථ ඝන දියර. විස්තරය : කෝප්පයකින් පානය කළ හැකි අතර , සම්මත සිදුරක් හෝ පළල බීම බටයක් හරහා උරා බීමට මධ්‍යස්ථ උත්සාහයක් අවශ්‍ය වේ . ගෑරුප්පුවකින් ආහාරයට ගත නොහැක , මන්ද එහි හිඩැස් හරහා ද්‍රවය සෙමින් ගලා යයි , හැන්දකින් අනුභව කළ හැකිය , සැපීම අවශ්‍ය නැත - කෙලින්ම ගිල දැමිය හැකිය . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම : මද ඝන බීම කළමනාකරණය කිරීමට දිව පාලනය ප්‍රමාණවත් නොවේ නම් , මෙම මධ්‍යස්ථ ඝන මට්ටම සුදුසු විය හැක . මුඛයේ පාලනය සඳහා වැඩි කාලයක් ලබා දෙන නමුත් දිවෙන් තල්ලු කිරීමේ උත්සාහයක් අවශ්‍ය වේ . ගිලීමේ වේදනාව ඇති රෝගීන් සඳහා භාවිතා කළ හැකිය ..
IDDSI පරීක්ෂණ ක්‍රම. උදාහරණ - බත් කැඳ , සව් කැඳ , සෝස් , හොදි වර්ග.
සිව්වන මට්ටම - ඉතා ඝන / තලපයක් ලෙස. විස්තරය : සාමාන්‍යයෙන් හැන්දකින් අනුභව කරනු ලැබේ , එය පහසුවෙන් ගලා නොයන බැවින් කෝප්පයකින් පානය කළ නොහැක , බීම බටයක් හරහා උරා ගත නොහැක , සැපීම අවශ්‍ය නොවේ , එය රඳවා තබා ගන්නා බැවින් තලපය බහාලන භාජනයේ හැඩය ගනු ලබයි , ගුරුත්වාකර්ෂණය යටතේ ඉතා මන්දගාමී චලනයක් පෙන්වන නමුත් වත් කළ නොහැක . ඇල වූ විට තනි හැන්දකින් හැන්ද වැටෙන අතර ගැටිති රහිත , ඇලෙන සුළු නොවිය යුතු අතර ද්‍රව ඝනයෙන් වෙන් නොවිය යුතුය . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම : දිවෙහි පාලනය සැලකිය යුතු ලෙස අඩු වී ඇත්නම් , මෙම කාණ්ඩය පාලනය කිරීමට පහසුම විය හැකිය . පස්වන මට්ටමේ ආහාර වලට වඩා අඩු තල්ලුවක් ආහාරය ගිලීමට අවශ්‍ය වේ . සැපීම අවශ්‍ය නොවේ . අධික ඇලෙන්න සුළු බව මුඛයේ හෝ උගුරේ ආහාරය ඉතිරිවීමට හේතුවේ . සැපීමේදී හෝ ගිලීමේදී වේදනාවක් ඇතිවිට හා දත් නොමැති විට හෝ දුර්වල ලෙස සවි කර ඇති බොරු දත් දමා ඇති විට මෙම ඝනකම් මට්ටම භාවිතා කළ හැක.
IDDSI පරීක්ෂණ ක්‍රම. ගෑරුප්පු බිඳිති පරීක්ෂණය ආහාරයෙන් බොහෝ ප්‍රමාණයක් ගෑරුප්පුව මත රැඳී තිබෙන අතර ඉතා කුඩා ප්‍රමාණයක් ගෑරුප්පුවේ අවකාශ තුළින් කෙටි වලිගයක් ආකාරයට බේරිය හැකිමුත් ගෑරුප්පුවෙ අවකාශ අත්රින් දිගටම ගලා නොයයි ..
හැන්ද ඇල කර සිදුකරන පරීක්ෂණය. abstract. abstract.
පස්වන මට්ටම - අඹරන ලද සහ තෙතමනය සහිත. විස්තරය - ගෑරුප්පුවකින් හැන්දකින් ආහාරයට ගත් හැකිය මෘදු තෙතමනය සහිත නමුදු දියරමය ස්වභාවයක් නොමැති ආහාරයි. ආහාර තුළ කුඩා කැටිති දැකිය හැක , පළල 4 mm ට සමාන හෝ ඊට වඩා අඩු සහ නොඉක්මවිය හැක . 15 mm දිග ගැටිති දිවෙන් පොඩි කර ගැනීම පහසුය . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම : ආහාරය කඩා ගැනීම අවශ්‍ය නොවන අතර මද වශයෙන් හැපීම අවශ්‍ය වේ. මෘදු කුඩා අංශු වෙන් කිරීම සඳහා දිව බලය පමණක් භාවිතා කළ හැකිය . මෙහිදී ආහාර බෝලය හැසිරවීමට දිවේ ආධාර අවශ්‍ය වේ. සැපීමේදී හෝ ගිලීමේදී වේදනාවක් ඇතිවිට හා දත් නොමැති විට හෝ දුර්වල ලෙස සවි කර ඇති බොරු දත් දමා ඇති විට මෙම ඝනකම් මට්ටම භාවිතා කළ හැක..
ගෑරුප්පු පීඩන පරීක්ෂණය. ගෑරුප්පුවකින් එබූ විට අංශු පහසුවෙන් අතරෙන් වෙන් වී ගෑරුප්පු සිදුරු හරහා පහසුවෙන් ඉහලට පැමිණිය යුතුය . කුඩා පීඩනයකින් පහසුවෙන් පොඩි කළ හැක හැන්ද ඇල කර සිදුකරන පරීක්ෂණය හැන්දක් මත එහි හැඩය රඳවා තබා ගැනීමට තරම් සංයුක්ත වේ . හැන්දක් ඇලවුවහොත් හෝ පැත්තට හරවා ඇත්නම් හෝ සැහැල්ලුවෙන් සොලවා ඇත්නම් , සම්පූර්ණ ප්‍රමාණයම හැන්දෙන් ලිස්සා යාම / වත් කිරීම / වැටීම සිදුවේ ; නියැදිය හැන්දක් මත ඉතිරිව ඇති ඉතා කුඩා ආහාර සමඟ පහසුවෙන් ලිස්සා යා යුතුය , එනම් නියැදිය ඇලෙන සුළු නොවිය යුතුය ..
හයවන මට්ටම - මෘදු සහ හැපීමට හැකි. විස්තරය - ගෑරුප්පුවෙන් හෝ හැන්දකින් ආහාරයට ගත හැක , ගෑරුප්පුවෙන් , හැන්දෙන් පොඩිකර / කැඩීමට හැකිය . මෘදු , මොළොක් සහ තෙතමනය සහිත නමුත් වෙනම තුනී ද්‍රවයක් නොමැත . ගිලීමට පෙර සැපීම අවශ්‍ය වේ , ප්‍රමාණයට සහ මුඛ සැකසුම් කුසලතා සඳහා සුදුසු පරිදි හැපිය හැකි ප්‍රමාණය කෑලි විය යුතුයි වැඩිහිටියන් සඳහා , 15 mm = 1.5 cm කෑලි (ට වඩා විශාල නොවේ ) මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම : කැබලි කඩා ගැනීම අවශ්‍ය නොවේ.නමුත් හැපීම අවශ්‍ය වන අතර ආහාර කෑලි ප්රමාණයන් හුස්ම හිරවීමේ අවදානම අවම කිරීම සඳහා නිර්මාණය කර ඇත . ආහාර චලනය කිරීමට සහ මුඛයේ රඳවා තබා ගැනීම්ට දිවෙයි පාලනය අවශ්‍යයි. සැපීමේදී හෝ ගිලීමේදී වේදනාවක් ඇතිවිට හා දත් නොමැති විට හෝ දුර්වල ලෙස සවි කර ඇති බොරු දත් දමා ඇති විට මෙම ඝනකම් මට්ටම භාවිතා කළ හැක..
ගෑරුප්පු පීඩන පරීක්ෂණය. මහපට ඇඟිල්ලක ප්‍රමාණයෙ නියැදියක් ( සෙ.මී . 1.5x1.5) ගෑරුප්පුවෙන් තද කළ විට , මෙම වයනය කුඩා කැබලිවලට කැපීම හෝ කැඩීමට හෝ පතුරු ගැසීමට භාවිතා කළ හැක . මහාපටැඟිල්ලේ නියපොත්ත සුදු පැහැයට හැරෙන පීඩනයක් මගින් , නියැදිය පොඩි වී , කැඩී , බිඳී , හැඩය වෙනස් වන අතර , පීඩනය ඉවත් කළ විට එහි මුල් හැඩයට නොපැමිණේ . හැන්දක පීඩන පරීක්ෂණය මෙම වයනය කුඩා කැබලිවලට කපා ගැනීමට හෝ කැඩීමට හැන්දක් පීඩනය භාවිතා කළ හැක . මහපට ඇඟිල්ල ක ප්‍රමාණයේ නියැදියක් ( සෙ.මී . 1.5 x1.5) හැන්දක පාදයෙන් තද කළ විට , නියැදිය පොඩි වී , කැඩී බිඳී , හැඩය වෙනස් වන අතර , හැන්ද ඉවත් කළ විට එහි මුල් හැඩයට නොපැමිණේ . මෘදු සහ හැපීමට හැකි ප්‍රමාණයේ ආහාර සඳහා උදාහරණ : මෘදු ලෙස පිසින ලද මස් මාළු එළවළු කැබලි , පිසින ලද බත් , මෘදු පලතුරු.
හත්වන මට්ටම - හැපීමට පහසු. විස්තරය : වර්ධනයට සහ වයසට ගැළපෙන මෘදු වයනය සහිත සාමාන්‍ය , එදිනෙදා ආහාර . මෙම ආහාර අනුභව කිරීම සඳහා ඕනෑම ක්‍රමයක් භාවිතා කළ හැකිය . නියැදි ප්‍රමාණය 7 මට්ටමේ සීමා නොකෙරේ , එබැවින් ආහාර කුඩා හෝ 15 mm = 1.5 cm ට වැඩි විය හැකිය ( වැඩිහිටියන් සඳහා ) • තද , රළු , ඇලෙනසුළු , තන්තුමය , කෙඳි සහිත, හැපෙනසුළු හෝ පළතුරු වල තන්තුමය කොටස් , බීජ, ලෙලි හෝ අස්ථි කොටස් ඇතුළත් නොවේ . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම - මෘදු ආහාර කැබලි කඩා ගැනීම්ට සහ හැපීමේ යාන්ත්‍රනය මගින් ගිලීම්ට පහසු මෘදු ආහාර ගුලියක් නිර්මාණය කර ගැනීමේ හැකියාව මේ සඳහා අවශ්‍ය වේ. මේ සඳහා දත්ත අත්‍යවශ්‍ය නොවන අතර පහසුවෙන් වෙහෙසට පත් නොවී ආහාරය ගැනීමට හැකි විය යුතුය.
ගෑරුප්පු පීඩන පරීක්ෂණය. ආහාරයේ පසෙකින් ගෑරුප්පුවකින් තද කළ විට ආහාරය කැඩී හෝ කැපී යයි නම් ද මහපට ඇඟිල්ලක ප්‍රමාණයේ නියැදියක් ගෑරුප්පුවෙන් තද කළ විට (මහපට ඇඟිල්ලේ නියපොත්ත සුදු පැහැ වනතුරු) එය පොඩිවී කැබලි වලට කැඩී හැඩය වෙනස් වී නැවතත් පෙර තිබූ තත් තත්ත්වයට පත් නොවීම මෙහි ලක්ෂණයයි ..
අටවන මට්ටම - සාමාන්‍ය. විස්තරය : වර්ධනය වන විවිධ වයනයෙහි සාමාන්‍ය , එදිනෙදා ආහාර . මෙම මට්ටමේ වයනය සීමා කිරීම් නොමැත . තද , රළු , ඇලෙනසුළු , තන්තුමය , කෙඳි සහිත, හැපෙනසුළු හෝ පළතුරු වල තන්තුමය කොටස් , බීජ, ලෙලි හෝ අස්ථි කොටස් ඇතුළත් වේ . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම - තද හෝ මෘදු ආහාර සපා කෑමට සහ ඒවා දිගු වේලාවක් හපන්නට ඇති හැකියාව නිසා ඒවා ' ගිලීමට සූදානම් මෘදු සංයුක්ත බෝලයක ආකාරයට පත් කිරීමට ඇති හැකි හැකියාව..
සංක්‍රාන්ති ආහාර. විස්තරය: තෙතමනය (උදා: ජලය හෝ කෙල) යොදන විට , හෝ උෂ්ණත්වයේ වෙනසක් සිදු වූ විට (උදා: උනුසුම් වීම) එක් වයනයකින් ආරම්භ වන ආහාර (උදා: තද ඝන) වෙනත් වයනයකට වෙනස් වේ . මෙම ඝනකම මට්ටම සඳහා විද්‍යාත්මක පැහැදිලි කිරීම: හැපීම අවම ලෙස භාවිත වේ. උෂ්ණත්වය හෝ තෙතමනය/කෙල එකතු කිරීම සමඟ වෙනස් වූ පසු මෙම ආහාර කැඩීමට දිව භාවිතා කළ හැක. ආහාර හැපීමේ කුසලතා ඉගැන්වීම හෝ කුසලතා පුනරුත්ථාපනය කිරීම සඳහා භාවිතා කළ හැක. උදා. ආබාධිත හෝ ආඝාතයෙන් පසු ආහාර හැපීමේ කාර්යය පුනරුත්ථාපනය කිරීම.
ගෑරුප්පු පීඩන පරීක්ෂණය. තෙතමනය හෝ උෂ්ණත්වය යෙදීමෙන් පසුව, නියැදිය පහසුවෙන් විකෘති කළ හැකි අතර පෙර තත්ත්වයන් නැවත ලබා දුන්නද එහි හැඩය නැවත නොලැබේ.නියැදියේ ප්‍රමාණය මහපට ඇඟිල්ලක නිය තරමේ සාම්පලයක් භාවිතා කරන්න (1.5 සෙ.මී. x 1.5 සෙ.මී.), නියැදිය මත ජලය මිලි ලීටර් 1 ක් තබා විනාඩියක් රැඳී සිටින්න. මහපට ඇඟිල්ලේ නියපොත්ත සුදු පැහැයට හැරෙන තුරු ගෑරුප්පුවේ පාදය භාවිතයෙන් පීඩනය යොදන්න. පීඩනය ඉවත් කිරීමෙන් පසු නියැදිය පෙර තත්ත්වයට නැවත නොපැමිණේ. එම නිසා සංක්‍රාන්ති ආහාර වර්ගයට අයත් වේ..
උදාහරණ :. අයිස්ක්‍රීම් ජෙලි සමහර බිස්කට් / කුකීස් අර්තාපල් හැපෙනසුළු - පොඩි කළ අර්තාපල් වලින් සාදන ලද හෝ සාදන ලද ඒවා පමණි ( උදා . ප්‍රින්ගල්ස් ) අයිස්ක්‍රීම් රඳවා තබා ගැනීමට භාවිතා කරන වොෆ්ල් කෝන් කෙටි පාන් ළදරු රස්ක වේෆර්ස් රයිස් බිස්කට්.
A picture containing text, fish, shark.